චීන සහ සෞදි විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේ ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරේ

චීන සහ සෞදි විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේ ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ(14) සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් මහතාගේ ආරාධනයෙන් එරට නිල සංචාරයක නිරත විය.

එහිදී ඔවුහු දෙරට අතර මිත්‍රශීලී පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය සමාලෝචනය කොට ආර්ථික, වෙළඳ, ආයෝජන සහ බලශක්ති වැනි ක්ෂේත්‍රවල අත්කර ගත් ඉහළ මට්ටමේ සහයෝගීතාව අගය කරමින් සාකච්ඡා පැවැත්වූහ.

අන්‍යෝන්‍ය මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටලු පිළිබඳව එකිනෙකාට සහයෝගය දක්වන බවත්, දෙරටේ නායකයින් විසින් යෝජනා කරන ලද ප්‍රධාන මුලපිරුම් මාලාවක් ක්‍රියාත්මක කරන බවත්, ආරක්ෂාව, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා එකිනෙකාට සහාය වන බවත් දෙපාර්ශ්වය අවධාරණය කළහ.

සෞදි පාර්ශ්වය එකම චීනය මූලධර්මයට අනුගත වීම නැවත තහවුරු කළේය. චීන මහජන සමූහාණ්ඩුවේ රජය මුළු චීනයම නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජය වේ. තායිවාන ප්‍රදේශය චීන භූමියේ අනිවාර්ය කොටසක් බව සෞදිය අවධාරණය කරන බව ද ඔහු පැවසීය.

මෙහිදී ඉරානය සමග සබඳතා වර්ධනය කර ගැනීමට සහ වැඩිදියුණු කිරීමට සෞදි අරාබිය දරන උත්සාහයන්ට චීනය සහාය පළ කළ අතර කලාපීය හා ජාත්‍යන්තර ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේදී සෞදි පාර්ශ්වයේ ප්‍රමුඛ කාර්යභාරය මෙන්ම උත්සාහයන් සඳහා චීනය ප්‍රශංසා පළ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *