2025 චීනයේ නව වසර චිත්‍රපට වාරයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 2.5ක් ඉක්මවයි

2025 චීනයේ නව වසර චිත්‍රපට වාරයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 2.5ක් ඉක්මවයි

අන්තර්ජාල වේදිකාවලින් ලැබෙන දත්ත වලට අනුව, දෙසැම්බර් 6 වනදා පෙ.ව. 10:02 වන විට චීනයේ නව වසර  චිත්‍රපට වාරයේ (නොවැම්බර් 28 – දෙසැම්බර් 31) මුළු බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 2.5ක් ඉක්මවා ගොස් ඇත. කාර්ටූන් චිත්‍රපටයක් වන ‘Zootopia 2’ දැනට නව වසර චිත්‍රපට වාරයේ බොක්ස් ඔෆිස් හි ඉහළම ස්ථානය හිමිකරගෙන තිබේ. උතුරු ඇමරිකාවේ ප්‍රදර්ශනයට සමගාමීව තිරගත කිරීමෙන් පසු, චීනයේ බොක්ස් ඔෆිස් ආදායම උතුරු ඇමරිකානු වෙළඳපොල බොහෝ දුරට අභිබවා ගොස් ඇත. ඒ අනුව චීනය ගෝලීය වශයෙන් එම චිත්‍රපටයේ විශාලතම බොක්ස් ඔෆිස් වෙළඳපොළ බවට පත් වී තිබේ.

චීනයේ නව වසර චිත්‍රපට වාරය නොවැම්බර් 28 වනදා ආරම්භ වූ අතර, චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවක් නිකුත් කිරීමට නියමිතය. මෙම චිත්‍රපට විවිධ ප්‍රේක්ෂකයින්ගේ රසිකත්වය  සපුරාලමින්, සැකය, හද උණුසුම් කරවන කතා, කූන්ෆූ සහ විද්‍යා ප්‍රබන්ධ ඇතුළු විවිධ සිනමා ධාරාවන් ආවරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *