චීනය හා ආර්ජන්ටිනාව අතර පළමු සෘජු ගුවන් ගමන ඇරඹේ. චීන ඊස්ටන් ගුවන් සමාගමට අයත් MU745 ගුවන් යානය ඊයේ (4) ආර්ජන්ටිනාවේ Buenos Aires අගනුවරට ළඟා වී එම සෘජු ගුවන් ගමනේ ආරම්භය සනිටුහන් කෙරිණ. ඒ චීනයේ ශැංහයි Pudong ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පැය 25.5ක කාලයක් පියාසර කිරීමෙන් පසුවය.
චීනය හා ආර්ජන්ටිනාව අතර මෙම ගුවන් ගමන, යුරෝපය හෝ උතුරු ඇමරිකාව වෙනුවට නවසීලන්තයේ Auckland හි පැය දෙකක නැවතුම් කාලයක් ද සහිත ව සකස් කර තිබේ. කිලෝමීටර් දෙදහසකට වැඩි දුර ප්‍රමාණයක් පියාසර කරන මෙම ගුවන් ගමන මෙතෙක් ලොව ක්‍රියාත්මක දිගුම සෘජු ගුවන් ගමන වීම විශේෂත්වයකි.
දැනට සතියකට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට චීන ඊස්ටන් ගුවන් සමාගම කටයුතු කර ඇත. ඒ අනුව ගුවන් යානය ශැංහයි නුවර සිට සෑම සඳුදා හා බ්‍රහස්පතින්දාවකම පිටත් වන අතර, Buenos Aires නුවර සිට සෑම අඟහරුවාදා හා සිකුරාදාවකම ආපසු චීනයට පැමිණීමට නියමිත ය.
