ශ්‍රී ලංකාව දැනට මුහුණ පා ඇති ආපදා තත්ත්වය පිළිබඳව චීන අගමැති ලී ච්‍යං මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත ශෝක පණිවිඩයක් යොමු කර තිබේ.
අධික වර්ෂාවෙන් සහ දරුණු කාලගුණය හේතුවෙන් සිදු වූ මරණ වෙනුවෙන් ශෝකය පළ කරන අතර විපතට පත් ජනතාවට සිය බලවත් සංවේගය පළ කරන බව ලී ච්‍යං මහතා ඊයේ (3) යොමු කළ එම පණිවිඩයෙන් ප්‍රකාශ කර ඇත.
චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට උපකාර දක්වන අවංක අසල්වැසියන් පමණක් නොව, අත්වැල් බැඳගෙන දුෂ්කරතා මැඩපවත්වන මනා මිතුරන් බව ලී ච්‍යං මහතා සඳහන් කළේය. මෙම දුෂ්කර අවස්ථාවේදී චීනය ස්ථීර ලෙස ශ්‍රී ලංකාව සමඟ සිටින අතර, ව්‍යසනයන් හැකි ඉක්මණින් මැඩපවත්වමින් සිය නිවාස යළි ගොඩනැගීමට ශ්‍රී ලංකා ජනතාව ගන්නා උත්සාහයන්ට දැඩිව සහාය වන බව ඔහු ප්‍රකාශ කර ඇත.
