පලස්තීන අර්බුදය සඳහා ද්වි-රාජ්‍ය විසඳුම ඉදිරියට ගෙන යාමේ ප්‍රායෝගික ක්‍රමවේදයකට ජාත්‍යන්තරයේ සහය අවශ්‍ය බව චීනය කියයි

පලස්තීන අර්බුදය සඳහා ද්වි-රාජ්‍ය විසඳුම ඉදිරියට ගෙන යාමේ ප්‍රායෝගික ක්‍රමවේදයකට ජාත්‍යන්තරයේ සහය අවශ්‍ය බව චීනය කියයි

පලස්තීන අර්බුදය සඳහා “ද්වි-රාජ්‍ය විසඳුම” ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව, ප්‍රායෝගික ක්‍රමවේදයක් සෙවිය යුතු අතර ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එහි සාමාජිකත්වයට ද සහාය විය යුතුය. පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඊයේ (02) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති සමාලෝචන රැස්වීමට එක් වෙමින්, එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Sun Lei මහතා මේ බව පැවසීය.

පලස්තීන-ඊශ්‍රායල ගැටුම නැවත නැවතත් ඇතිවීමට හේතුව “ද්වි-රාජ්‍ය විසඳුම” අඩක් පමණක් සාක්ෂාත් කර ගෙන තිබීම බව Sun Lei මහතා එහිදී අවධාරණය කළේය. ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙසින් ස්ථාපිත වී බොහෝ කල් ගතව ඇතත්, පලස්තීන රාජ්‍යය තවමත් දුරස්ථ සිහිනයක් පමණි. ඊශ්‍රායලය ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරේ මෙහෙයුම් නතර කළ යුතු අතර පලස්තීන ජාතික බලායතනයේ පරිපාලනයේ පදනම විනාශ කිරීම නතර කළ යුතුය. පලස්තීන ගැටළුවෙහි මූලික හේතූන්ට මුහුණ දෙමින්,බලගතු ක්‍රියාමාර්ග ගෙන, ඓතිහාසික අසාධාරණකම් නිවැරදි කරන ලෙසත්,සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කරන ලෙසත්, චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව Sun Lei මහතා පැවසීය. එමෙන්ම පලස්තීන ප්‍රශ්නයට හැකි ඉක්මනින් පුළුල්,සාධාරණ සහ කල් පවත්නා විසඳුමක් ප්‍රවර්ධනය වෙනුවෙන් චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව කටයුතු කරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *