අද (1) 38 වන ලෝක ඒඩ්ස් දිනය සනිටුහන් කරයි. ක්ෂය රෝගය සහ HIV ඒඩ්ස් පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිත්‍ර තානාපති, චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය මෑතකදී බෙයිජිං හි පැවති 2025 ලෝක ඒඩ්ස් දින තේමා ප්‍රචාරක උත්සවයට සහභාගී විය.
ගෙවී ගිය වසර 20 තුළ ඒඩ්ස් රෝගය පාලනය කිරීමේ ප්‍රචාරක වැඩකටයුතුවලට එක්වීම පිළිබඳ අත්දැකීම් එහිදී Peng Liyuan මහත්මිය බෙදා ගෙන ඇත. ඒඩ්ස් වැළැක්වීමේ සංකල්පය තවදුරටත් ව්‍යාප්ත කරමින්, අත්වැල් බැඳ “ශුන්‍ය ඒඩ්ස්” දැක්ම කරා ගමන් කිරීමට ඇය සියලු දෙනා දිරිමත් කළාය.
එම උත්සවයට පෙර, Peng Liyuan මහත්මිය ප්‍රජා කණ්ඩායම්හි ඒඩ්ස් රෝගය වැළැක්වීමේ ප්‍රචාරක ක්‍රියාකාරකම්වලට සහභාගී වෙමින්, එහි ඒඩ්ස් රෝගය වැළැක්වීමේ පෙරටුගාමී සේවකයින් සහ ස්වේච්ඡා සේවකයින් සමඟ සුහද පිළිසඳරක නිරත විය.
