“චීනය පිළිබඳව අවබෝධ කරගැනීමේ” 2025 සමුළුව අද(1) චීනයේ Guangzhou නගරයේ දී ආරම්භ විය. ලොව ප්‍රකට දේශපාලනඥයෝ, විද්වත්හූ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ මෙම සමුළුවට සහභාගී වූහ. චීනයේ 15 වන පස් අවුරුදු සැලැස්මේ යෝජනා සහ එහි ගෝලීය වැදගත්කම කෙරෙහි සමුළුව අවධානය යොමු කරන අතර චීන ලක්ෂණ සහිත නවීකරණයේ නවෝත්පාදන සංවර්ධනය සහ ගෝලීය පාලන මුලපිරුම ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම වැනි මාතෘකා එහි දී සාකච්ඡාවට ලක් කෙරේ.
රටවල් සහ කලාප 72කින්, ජාත්‍යන්තර මෙන්ම හොංකොං, මැකව් වල නියෝජිතයෝ 200ක් පමණ එම සමුළුවට සහභාගී වූ අතර, ඔවුන්ගෙන් 70% ක් ගෝලීය දකුණ නියෝජනය කිරීම විශේෂත්වයකි.
