ජපානය චීනයේ තායිවානයට ආසන්නව ප්‍රහාරක අවි ස්ථානගත කිරීම කලාපීය නොසන්සුන්තාව ඇති කිරීමක් බවට චීනය අනතුරු අඟවයි

ජපානය චීනයේ තායිවානයට ආසන්නව ප්‍රහාරක අවි ස්ථානගත කිරීම කලාපීය නොසන්සුන්තාව ඇති කිරීමක් බවට චීනය අනතුරු අඟවයි

ජපානය චීනයේ තායිවාන ප්‍රදේශයට ආසන්නව ප්‍රහාරක අවි ස්ථානගත කිරීම ඉතා අනතුරුදායක ක්‍රියාවක් බව චීනය පෙන්වා දෙයි. ජපාන ආරක්ෂක අමාත්‍යවරයා (23) Ryukyu දූපත් සමූහයේ හමුදා මූලස්ථානයක් නිරීක්ෂණය කළ අවස්ථාවේ ප්‍රකාශ කළේ ජපානය නියමිත පරිදි චීනයේ තායිවාන ප්‍රදේශයට කිලෝමීටර් 110ක් පමණ දුරින් පිහිටි එම මූලස්ථානයේදී මධ්‍ය-පරාස ගුවන් ආරක්ෂක මිසයිල ස්ථානගත කරනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා ය. ජපානය චීනයේ තායිවාන ප්‍රදේශයට ආසන්නව ප්‍රහාරක අවි ස්ථානගත කරමින් කලාපීය නොසන්සුන්තාව ඇති කිරීම ඉතා අනතුරුදායක ක්‍රියාවක් බව ඇය එහිදී පෙන්වා‍ දෙයි. ජපානය යළි සේනා බලගැන්වීම තහනම් කළ බව දෙවන ලෝක යුද්ධය අවසානයේ නිකුත් කළ Potsdam ප්‍රකාශනයෙහි පැහැදිලිව සඳහන් වී ඇතැයි ඇය කියා සිටී. චීන ජනතාව ජපාන ආක්‍රමාණයට එරෙහි යුද ජයග්‍රහණයේ 80වන සංවත්සරය මෙන් ම තායිවානය ජපාන ආක්‍රමණයෙන් නිදහස් කිරීමේ 80වන සංවත්සරය ද මේ වසරේ සනිටහුන් වෙයි. ජපාන දක්ෂිණාංශිකයන් හා රණවාදීන් යළි සිය ආක්‍රමණශීලි පිළිවෙත් ක්‍රියාවට නංවා ගැනීමටත් බාහිර බලවේග තායිවාන ප්‍රදේශයට මැදිහත්වීමටත් චීනය කිසිසේත්ම ඉඩ නොදෙන බව මෞ නිං මහත්මිය අවධාරණය කළා ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *