ජපානය සිය වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීම ප්‍රතික්ෂේප කළහොත් චීනය දැඩි ප්‍රතිපියවර ගැනීමට සූදානමින්

ජපානය සිය වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීම ප්‍රතික්ෂේප කළහොත් චීනය දැඩි ප්‍රතිපියවර ගැනීමට සූදානමින්

සිය වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා ලෙසත් චීනයට අදාළ ගැටළු සම්බන්ධයෙන් ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කිරීම වහාම නවත්වන ලෙසත් චීනය ජපානයෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

ජපාන අගමැති Sanae Takaichi ගේ වැරදි ප්‍රකාශ‍යෙන් චීන-ජපාන සබඳතාවල දේශපාලන පදනම බරපතල ලෙස උල්ලංඝනය වී ඇති අතර එය චීන ජනතාව තුළ දැඩි කෝපයක් සහ හෙළා දැකීමක් ඇති කිරීමට හේතු වී තිබෙන බව Mao Ning මහත්මිය එහිදී අවධාරණය ක‍ළාය.

ජපානය අඛණ්ඩව වැරදි කළහොත් චීනය අධිෂ්ඨානශීලීව දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව ද එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *