පේටන්ට් බලපත්‍ර අවලංගු කිරීමේ ඇමරිකාවේ සූදානම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර බැඳීම් උල්ලංඝනය කිරීමක්- චීනය

පේටන්ට් බලපත්‍ර අවලංගු කිරීමේ ඇමරිකාවේ සූදානම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර බැඳීම් උල්ලංඝනය කිරීමක්- චීනය

පේටන්ට් බලපත්‍ර අවලංගු කිරීමේ අයදුම්පත් සඳහා එහි විනිවිදභාවය පිළිබඳ නීති සංශෝධනය කරමින් ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ පේටන්ට් බලපත්‍ර සහ වෙළඳ ලකුණු කාර්යාලය මෑතකදී සංදේශයක් නිකුත් කළේය. ඒ විදේශීය පසුබිමක් ඇති සමාගම් විසින් ගොනු කරන ලද අයදුම්පත් සමාලෝචනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමිනි. පේටන්ට් බලපත්‍ර අවලංගු කිරීම සඳහා අයදුම් කිරීමට හේතු සඳහන් කරන ලෙස ඉල්ලා ඇමරිකාව සමහර චීන සමාගම්වලට දැනුම් දීම් සිදු කර ඇතැයි  වාර්තා වේ. මේ සම්බන්ධයෙන් 18 වැනිදා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පිළිතුරු දුන්නේය.

ඇමරිකාවේ ක්‍රියාමාර්ග බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර බැඳීම් උල්ලංඝනය කරන බවත් චීන සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම්වලට අහිමි කිරීමක් බවත්  එම ප්‍රකාශකයා පැවසීය. චීනය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් චීන ව්‍යවසායන්හි නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *