G7 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් නැවත වරක් සැබෑ තත්වය නොසලකා හැර, හිතාමතාම චීනයට අපහාස කර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වී ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ප්‍රකාශ කරයි. චීනය මේ සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය සහ දැඩි විරෝධය පළ කරන බව හෙතෙම සඳහන් කළේ බෙයිජිංහි (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
ජාත්‍යන්තර ආර්ථික පටිපාටියට සහ ගෝලීය සැපයුම් දාමයන්ට බාධා නොකිරීම සඳහා G7 කණ්ඩායම වෙළඳ හා ආර්ථික ගැටළු දේශපාලනීකරණය කිරීම සහ එය ‘ආයුධ’ ලෙස යොදා ගැනීම නැවැත්විය යුතු බව Lin Jian මහතා අවධාරණය කළේ ය. ගෝලීය ප්‍රවණතාව හඳුනා ගනිමින් සීතල යුද්ධ මානසිකත්වය සහ දෘෂ්ටිවාදාත්මක පක්ෂග්‍රාහීත්වය අතහැර දමන ලෙස චීනය නැවත වරක් G7 කණ්ඩායමෙන් ඉල්ලා සිටී. එමෙන් ම,චීනයට අපහාස කිරීම සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නතර කර, ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනයට හිතකර සේ ක්‍රියා කරන ලෙසටත් හෙතෙම ඉල්ලීමක් කළේය.
