ජයග්‍රහණ රැසක්‍ සමඟින් 2025 ලෝක අන්තර්ජාල සමුළුව සාර්ථකව අවසන් වේ

ජයග්‍රහණ රැසක්‍ සමඟින් 2025 ලෝක අන්තර්ජාල සමුළුව සාර්ථකව අවසන් වේ

2025 ලෝක අන්තර්ජාල සමුළුව ඊයේ (09) චීනයේ Zhejiang පළාතේ Wuzhen හිදී අවසන් විය. රටවල් සහ කලාප 130කට අධික සංඛ්‍යාවකින් ආරාධිතයෝ 1,600කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගි වූහ.

මෙම සමුළුව අතරතුර පැවති ඩිජිටල් ආර්ථික කර්මාන්ත සහයෝගිතා සමුළුවේ දී 100 ඉක්ම වූ ව්‍යාපෘති සඳහා අත්සන් තැබුණු අතර, ඒවායේ සම්පූර්ණ වටිනාකම අඛණ්ඩව වසර තුනක් සඳහා චීන යුවාන් බිලියන 100 ඉක්මවා ඇත. ලොව පුරා රටවල් සහ කලාප 54 ක සමාගම් 670 ක කෘත්‍රිම බුද්ධි තාක්ෂණ නිෂ්පාදන සහ නවෝත්පාදන ජයග්‍රහණ දහසකට අධික සංඛ්‍යාවක් මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ. එක් දිනක් තුළ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි නරඹන්නන් සංඛ්‍යාව ද නව වාර්තාවක් තබමින් 17,000 ඉක්මවා ගොස් තිබිණ.

උප සංසද 24 ක් පැවැත්වීමට අමතරව,මෙවර සමුළුව, ප්‍රමුඛ පෙළේ තාක්ෂණ සමාගම්වල නායකයින්ට කෘත්‍රිම බුද්ධියේ අති නවීන සංවර්ධන ප්‍රවණතා සහ ඉහළ මට්ටමේ තාක්ෂණික නවෝත්පාදන පිළිබඳ සංවාදයන් හි නිරත වීමට ද ආරාධනා කළේය. ඊට අමතරව, “අන්තර්ජාල අවකාශයේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ දස අවුරුදු සමාලෝචනයක් සහ ඉදිරි දැක්මක්” වැනි වැදගත් සොයාගැනීම් මාලාවක් ද සමුළුව අතරතුර නිකුත් කරන ලදී.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *