15 වන ජාතික ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත කළ බව චීන ජනපති ප්‍රකාශයට පත් කරයි

15 වන ජාතික ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත කළ බව චීන ජනපති ප්‍රකාශයට පත් කරයි

චීනයේ 15වැනි ජාතික ක්‍රීඩා උළෙල (9) Guangdong පළාතේ Guangzhou නගරයේ ආරම්භ විය.  චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා එහි සමාරම්භක උත්සවයට එක් වෙමින් එම ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත කළ බව ද  ප්‍රකාශයට පත් කළේය.

Guangdong පළාත, හොංකොං හා මැකව් යන විශේෂ පරිපාලන කලාප දෙක ඒකාබද්ධව ජාතික ක්‍රීඩා උළෙලකට සම-සත්කාරකත්වය දැරීමේ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

පළාත්, ස්වායත්ත, මධ්‍යම රජය යටතේ ඍජුව පාලනය වන නගර, හොංකොං, මැකව්, ෂින්ජ්‍යං ඉදිකිරීම් හමුදා කණ්ඩායම සහ වෘත්තීය ක්‍රීඩා සංගම් තු‍නේ නියෝජිත කණ්ඩායම් 37ක් මෙවර ජාතික ක්‍රීඩා උළෙලට සහභාගි වෙති. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් දාහතර දහසක් මෙහිදී තරග ඉසව් සඳහා එක් වන අතර, ආධුනික ක්‍රීඩකයින් ද එකොළොස් දහසක් ආධුනික තරග ඉසව් සඳහා එක් වේ. 

චීනයේ 15වන ජාතික ක්‍රීඩා උළෙල එළඹෙන 21වනදා අවසන් වීමට නියමිතය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *