වසරේ පළමු කාර්තු තුනෙහි චීනයේ සමුද්‍රීය නිෂ්පාදනවල කැපීපෙනෙන වැඩිවීමක්

වසරේ පළමු කාර්තු තුනෙහි චීනයේ සමුද්‍රීය නිෂ්පාදනවල කැපීපෙනෙන වැඩිවීමක්

වසරේ පළමු කාර්තු තුනෙහි රටේ දළ සමුද්‍රීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 7.9 දක්වා ළඟා වූ බවත් එය වාර්ෂිකව 5.6% ක වැඩිවීමක් බවත් චීන ස්වභාවික සම්පත් පිළිබඳ අමාත්‍යාංශය ඊයේ (03) නිවේදනය කළේය.

පළමු කාර්තු තුන තුළ චීනයේ සමුද්‍රීය සම්පත් සැපයුම් මට්ටම ස්ථාවර ව වර්ධනය වී ඇත. භාවිතය සඳහා අලුතෙන් අනුමැතිය ලබා ඇති සාගර සහ දූපත්වල භූමි ප්‍රමාණය හෙක්ටයාර 262,000ක් වූ අතර එය වාර්ෂිකව 19.2% ක වැඩිවීමකි. එමෙන් ම අලුතින් එකතු කරන ලද සමුද්‍රීය ප්‍රදේශවල සුළං බල ධාරිතාව ද වාර්ෂිකව 42.1% කින් වැඩි වී ඇත.

පළමු කාර්තු තුනෙහි චීනයේ ප්‍රධාන සාම්ප්‍රදායික සමුද්‍රීය කර්මාන්ත මනා ලෙස ක්‍රියාත්මක විය. එමෙන්ම චීනය සමුද්‍ර යාත්‍රා පිළිබඳ නව ඇණවුම්, සම්පූර්ණ කළ ඇණවුම් සහ සම්පූර්ණ කරමින් තිබෙන ඇණවුම් අනුව ලොව ප්‍රමුඛයා ලෙස අඛණ්ඩව සිටී. හරිත නැව් නිෂ්පාදන සඳහා චීනයේ තාක්ෂණික නවෝත්පාදනය සහ සැපයුම් හැකියාවන් අඛණ්ඩව වැඩිදියුණු වූ අතර, නව හරිත නැව් ඇණවුම්වල ජාත්‍යන්තර වෙළඳපල කොටස 70.6% දක්වා ළඟා වීම විශේෂත්වයකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *