චීන විදේශ ඇමති ජර්මානු විදේශ ඇමති සමග දුරකථන සාකච්ඡාවක් පවත්වයි

චීන විදේශ ඇමති ජර්මානු විදේශ ඇමති සමග දුරකථන සාකච්ඡාවක් පවත්වයි

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul මහතා සමග ඊයේ(3) දුරකථන සාකච්ඡාවක නිරත විය. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වැන්ග් යී මහතා එහි දී සඳහන් කළේ චීනය සහ ජර්මනිය යන ප්‍රධාන රටවල් මෙන්ම වැදගත් ආර්ථකයන්, ස්ථාවර ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම දෙරටේම අවශ්‍යතාවලට සේවය කරනු ඇති බවයි. එමෙන්ම ඉන් සියළු පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන් සපුරාලමින් ගෝලීය සාමය සහ ස්ථාවරත්වයට දායකත්වය සැපයෙන බව ද ඔහු පැවසීය.

චීනය තායිවාන ප්‍රශ්නය මූලික අවශ්‍යතාවක් ලෙස සලකන අතර එහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳව සැලකිලිමත් වන බව වැන්ග් යී මහතා සඳහන් කළේය. බෙදීමේ වේදනාව අත්විඳ ඇති ජර්මනියට ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට චීනය දරන උත්සාහයන් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට සහ ඒ වෙනුවෙන් සහාය ලබා දීමට මෙන්ම සියලු ආකාරයේ “තායිවාන ස්වාධීනත්වයට” විරුද්ධ වීමට හැකි වනු ඇතැයි  චීනය අපේක්ෂා කරන බව වැන්ග් යී මහතා පැවසීය. 

ජර්මනිය චීනය සමග ඇති සබඳතාවන්ට විශාල වැදගත්කමක් ලබා දෙන බව මෙහි දී Johann Wadephul මහතා සඳහන් කළේය.  එකම චීනයක් පිළිබඳ ජර්මනියේ ස්ථාවරය නොවෙනස්ව පවතී. විවිධ ක්ෂේත්‍රවල චීනය සමග හුවමාරු සහ සංවාද පැවැත්වීමටත්, වෙනස්කම් නිසි ලෙස කළමනාකරණය කිරීමට මෙන්ම ජර්මන්-චීන පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමටත් ජර්මනිය කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *