2025 වසරේ එපෙක් සංවිධාන නායකයින්ගේ Gyeongju ප්‍රකාශනය නිකුත් කෙරේ.
එපෙක් සංවිධානයේ නායකයින්ගේ 32 වන නිල නොවන සමුළුව ඔක්තෝබර් මස 31වැනිදා සිට නොවැම්බර් මස 1වැනිදා දක්වා දකුණු කොරියාවේ Gyeongju නගරයේ දී පැවැත්විණ. “තිරසර අනාගතයක් ගොඩනැගීම” යන තේමාව යටතේ, මෙවර සමුළුව “සම්බන්ධතාව, නවෝත්පාදනය සහ සමෘද්ධිය” යන ප්‍රමුඛතා ක්ෂේත්‍ර තුනක් හරහා පොදු ඉලක්ක ඉදිරියට ගෙන යා යුතු බව ප්‍රකාශනයේ සඳහන් වේ.
සමුළුවේදී 2040 වසරේ එපෙක් සංවිධානයේ පුත්‍රජයා දැක්ම නැවත තහවුරු කෙරිණ. එමෙන්ම, විවෘත, විචිත්‍රවත්, ශක්තිමත් සහ සාමකාමී ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා වන සිය කැපවීම මෙම සමුළුව මගින් නැවත තහවුරු කර ඇති බව ප්‍රකාශනය සඳහන් කරයි.
“සම්බන්ධතාවය” තුළ, ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීමට, ආසියා-පැසිෆික් නිදහස් වෙළඳ කලාප න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට, වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීමට සහ සැපයුම් දාමයන්හී ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ද සමුළුවේදී එකඟතාව පළවී ඇත.
“නවෝත්පාදනය” සම්බන්ධයෙන්, සමුළුව කලාපීය ඩිජිටල් පරිවර්තනයේ සහ කෘත්‍රිම බුද්ධියේ වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම, එපෙක් සංවිධානයේ කෘත්‍රිම බුද්ධි මුලපිරුම ද සම්මත කෙරිණ.
“සමෘද්ධිය” යන අංශයේදී, අභියෝගවලට මුහුණ දීමට සහ වර්ධනයේ ජයග්‍රහණ බෙදා ගැනීමට එක්ව කටයුතු කරන ලෙස සමුළුව ඉල්ලීමක් කරයි.
ඉදිරි වසර කිහිපය තුළ සත්කාරකත්වය දැරීමට චීනය, වියට්නාමය, මෙක්සිකෝව සහ අනෙකුත් රටවල් සාදරයෙන් පිළිගන්නා එම ප්‍රකාශනය, ආසියා-පැසිෆික් කලාපයේ සමෘද්ධිය සහ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාව ද පළ කර ඇත.
