චීනය ඉදිරිපත් කළ හරිත වෙළඳ යෝජනා සඳහා ජාත්‍යන්තරයේ පුළුල් ප්‍රතිචාර

චීනය ඉදිරිපත් කළ හරිත වෙළඳ යෝජනා සඳහා ජාත්‍යන්තරයේ පුළුල් ප්‍රතිචාර

APEC, ජී20, බ්‍රික්ස් ඇතුළු ජාත්‍යන්තර යාන්ත්‍රණ හා සංවිධාන තුළ, හරිත සංවර්ධනය පිළිබඳව පුළුල් සාකච්ඡා පවත්වමින් ඒ හා සම්බන්ධ සැකසුම් හා අත්දැකීම් බෙදා ගැනීමට චීනය සක්‍රිය ලෙස කටයුතු කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

චීනය විසින් ඉදිරිපත් කෙරුණු ‘ඩිජිටල් ආර්ථිකය හා හරිත සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ සහයෝගිතා රාමුවේ යෝජනාව’ සඳහා 50කට වැඩි ආර්ථික ඒකකයන් හි සක්‍රිය ප්‍රතිචාර ලැබී ඇතැයි චීන උප වාණිජ ඇමති Li Chenggang මහතා රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද(31) පැවැත්වූ මාධ්‍ය හමුවක දී පැවසීය. පුළුල් ජනප්‍රියත්වයක් හිමි මෙම යෝජනාවට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් එක් කර ගනිමින් එය ක්‍රියාවට නැංවීම තහවුරු කිරීමට චීනය  අඛණ්ඩ ව ක්‍රියා කරන බව ද ඔහු කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *