‘15 වන පස්අවුරුදු සැලසුම්’ සම්පාදනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා රැසක්

‘15 වන පස්අවුරුදු සැලසුම්’ සම්පාදනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා රැසක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිය ඉකුත් 20-23 දින වල බෙයිජිං නගරයේ දී පැවැත්විණ. දෙස්-විදෙස් වත්මන් වටපිටාව හා තත්ත්වයන් සලකා බලමින් චීනයේ ජාතික ආර්ථිකය හා සමාජ සංවර්ධනය සඳහා වූ ‘15 වන පස්අවුරුදු(2026-2030) සැලසුම්’ සම්පාදනය වෙනුවෙන් යෝජනා රැසක් එහිදී ඉදිරිපත් කෙරිණ. 23 වන දා එම සැසියේ දී එය සම්මත කරනු ලැබීය.

එම කාල වකවානුව චීනය සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීමේ සංධිස්ථානමය කාලය බව එහි දැක්වෙයි.

එම කාලය තුළ සමාජය හා ආර්ථිකය සංවර්ධනය කිරීමේ දී අනිවාර්යයෙන් ම පිළිපැදිය යුතු මූලධර්මයන් ද පෙන්නුම් කෙරේ. එනම්, චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ නායකත්වයේ නියැළී සිටීම, ජනතාව ප්‍රමුඛස්ථානයේ තැබීම, ඉහළ මට්ටමේ සංවර්ධනයන් හි එල්බ සිටීම, පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය තහවුරු කිරීම ඒ අතර වේ. එමෙන් ම, ඵලදායී වෙළඳපොළ සහ ජනතාවාදී රජය ඒකාබද්ධ කළ යුතු අතර, විවිධ අවදානම්වලින් තොර සුරක්ෂිත ව සංවර්ධනය අත් කර ගත යුතු යැයි ද එම මූලධර්මයන්හි ඇතුළත් වෙයි.

‘15 වන පස්අවුරුදු සමය’ තුළ, චීන ආර්ථික හා සමාජ‍ සංවර්ධනය සඳහා වූ ප්‍රධාන ඉලක්කයන් එමගින් නියම කර ඇති අතර, නවීකරණයෙන් යුත් කර්මාන්ත පද්ධතිය ගොඩනැංවීම හා සැබෑ ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් කෙරිණ. තවද, ස්වෝත්සාහයෙන් ඉහළ පෙළේ විද්‍යා හා තාක්ෂණ දියුණුව වේගවත් කරමින් නව ගුණාත්මක ඵලදායිතාවේ සංවර්ධනයට මගපෙන්වීම, ගුණාත්මක විවෘතභාවය පුළුල් කරමින් සහයෝගයෙන් පොදු-ජයග්‍රාහී බව අත් කර ගැනීම, කෘෂිකර්මාන්ත හා ග්‍රාමීය නවීකරණය කඩිනම් කරමින් ගම් ප්‍රදේශයන් හි පූර්ණ පුනර්ජීවනය ගැඹුරින් ඉදිරියට මෙහෙයවීම, චීනය පුරා ඒ ඒ ප්‍රදේශයන් හි සංවර්ධනය සහතික කිරීම, ජීවනෝපාය සහතික කරමින් සමස්ත ජනතාව පොදු සමෘද්ධිය කරා ගමන් කිරීම, පරිසර හිතකාමී රටක් ලෙස ගොඩනැංවීම, ජාතික ආරක්ෂාව හා හමුදා නවීකරණය ගුණාත්මක ලෙස තහවුරු කිරීම ඇතුළු අන්තර්ගතයන් කෙරෙහි එම යෝජනාවේ ඉහළ අවධානය යොමු වී ඇත.

මේ අතර, රට පුරා සමස්ත ජනතාව එක්සත් වී ‘15 වන පස්අවුරුදු සැලැස්ම’සාර්ථක කිරීම උදෙසා කැපවීමෙන් උත්සාහ කරන්‍නැයි එම යෝජනාව මගින් දිරිගැන්වා ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *