වෙනස්කම් රැසකින් යුක්ත වත්මන් ජාත්‍යන්තර වටපිටාව තුළ, චීනය ආසියාන් සංගම් රටවල් සමග එක්ව එක්සත්භාවය තවදුරටත් පුළුල් කරගත යුතු බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. බාහිර අවහිරතාවලින් බැහැරව සහයෝගයෙන් ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක් අත් කර ගත යුතු බව ඔහු සඳහන් කළේ අද(28) මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවති චීන-ආසියාන් සංගම් නායකයින්ගේ 28 වන සමුළුවට එක් වෙමිනි.
ආසියාන් සංගමයට අයත් රටවල් සමග එක්ව උපායමාර්ගික සම්බන්ධතා පැවැත්වීම තහවුරු කිරීමටත්, ‘චීන-ආසියාන් සංගම් පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ මාර්ගෝපදේශ සැලැස්ම (2026-2030)’ අනුගමනය කිරීමටත් චීනය සූදානම් බව ලී ච්‍යාං මහතා එහිදී සඳහන් කළේය. මේ සඳහා අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් උපායමාර්ගික සන්නිවේදනයෙන් නිසි අයුරින් මතභේද නිරාකරණය කළ යුතු බව ඔහු කියා සිටියේය. චීනය හා ආසියාන් සංගම් නිදහස් වෙළඳ කලාප තුන්වන කාණ්ඩයේ (3.0) උත්ශ්‍රේණිගත ලේඛණය ක්‍රියාවට නැංවීම අවස්ථාවක් කර ගනිමින් දෙපාර්ශ්වයේ වෙළඳාම හා ආයෝජන සඳහා වන පහසුකරණය වේගවත් කළ යුතුව ඇත. එමෙන් ම, ‘චීන-ආසියාන් සංගම් පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කිරීමේ 5 වන සංවත්සරය වෙනුවෙන් තේමා වසර’ ලෙස ද 2026 වසර නියම කරනු ඇත. ආසියාන් සංගම් රටවල් සමග එක්ව, අරගල කරමින් චීනය හා ආසියාන් සංගමය අතර සහයෝගිතා ස්ථාවර ලෙස තවදුරටත් ඉදිරියට මෙහෙයවීමට චීනය සූදානම් බව ද චීන අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ආසියාන් සංගමය හා චීනය අතර සබඳතා පුළුල් ලෙස වර්ධනය කර ඇති බවත්, විවිධ ක්ෂේත්රයන් තුළ පොහොසත් ප්‍රගතීන් අත් කර ගෙන ඇති බවත් සමුළුවට එක්වූ නායකයන්ගේ පොදු අදහස වී ඇත. එමගින් කලාපීය ජනතාවගේ සුබසෙත සැලකිය යුතු ලෙස ඉටු වී තිබේ. චීනය සමග එක්ව ‘දකුණු චීන මුහුදු කලාපයට අදාළ ආචාර ධර්ම සංග්‍රහය’ ට හැකි ඉක්මණින් එළඹෙමින් කලාපීය සාමය, ආරක්ෂාව හා ස්ථාවරත්වය සඳහා දායක වීමට ආසියාන් සංගමය කැමැත්තෙන් සිටින බව ද ඔවුහු ප්‍රකාශ කළහ.
