ජපානයට චීනය සමග එකම ඉලක්කයකට ගමන් කළ හැකියි– චීනය

ජපානයට චීනය සමග එකම ඉලක්කයකට ගමන් කළ හැකියි– චීනය

Takaichi Sanae මහත්මිය ජපානයේ අගමැති ධුරයට තේරී පත් වීම සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වයි.

චීනය ජපානයේ අදාළ මැතිවරණ ප්‍රතිඵලයට අවධානය යොමු කළ බවත් එය ජපානයේ අභ්‍යන්තර කටයුත්තක් බවත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

ජපානයට චීනය සමග එකම ඉලක්කයකට ගමන් කළ හැකි අතර, චීන-ජපන් දේශපාලන ලියවිලි හතරේ මූලධර්මවලට අනුකූල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම එරට ඉතිහාසය සහ තායිවාන ප්‍රදේශයට අදාල ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සිය දේශපාලන පොරොන්දුවලට අනුගත වනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

එමෙන් ම, ද්විපාර්ශ්වික සබඳතාවල දේශපාලන පදනම අඛණ්ඩව පවත්වා ගනිමින්, චීන-ජපන් උපායමාර්ගික සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතාවය පුළුල් ලෙස ඉදිරියට ගෙන යනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද Guo Jiakun මහතා අවධාරණය කර ඇත..

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *