චීන අන්තර්ජාල තොරතුරු මධ්‍යස්ථානය “2025 කෘත්‍රිම බුද්ධි උත්පාදක යෙදවුම් සංවර්ධන වාර්තාව” නිකුත් කළේ ය. කෘත්‍රිම බුද්ධි උත්පාදක යනු කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ස්වයං ලෙස අවශ්‍ය කරුණු නිර්මාණය කිරීමේ තාක්ෂණයයි.
ඒ අනුව, ජුනි මාසය වන විට, චීනයේ කෘත්‍රිම බුද්ධි උත්පාදක පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 515කට ළඟාවී ඇති අතර, යෙදවුම් අනුපාතය 36.5% කි. මෙය 2024 දෙසැම්බර් මාසයේ පරිශීලක සංඛ්‍යාව හා සැසඳීමේදී මිලියන 266 ක වැඩිවීමකි.
බුද්ධිමත් සෙවීම, අන්තර්ගත නිර්මාණය, කාර්යාල සහායකයින් සහ ස්මාර්ට් දෘඩකාංග වැනි විවිධ අවස්ථා වලදී කෘත්‍රිම බුද්ධි උත්පාදකයන් බහුලව භාවිත වන බව සමීක්ෂණයෙන් හෙළි විය. ඊට අමතරව, කෘෂිකර්ම හා කාර්මික නිෂ්පාදනය මෙන්ම, විද්‍යාත්මක පර්යේෂණ යන ක්ෂේත්රවල කෘත්‍රිම බුද්ධි උත්පාදනය ක්‍රියාකාරීව ගවේෂණය කර ප්‍රායෝගිකව භාවිත කර ඇති බව එම වාර්තාවේ දැක්වේ.
