සටන් විරාමය ඇරැඹීමෙන් පසු ගාසා තීරයේ කඩ සාප්පු සහ වෙළෙඳපොළ යළි විවෘත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද ගැටුම් හේතුවෙන් වසර දෙකකට අධික කාලයක් බිඳවැටුණු ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඊශ්‍රායල යුද ප්‍රහාර මධ්‍යයේ දැඩි ආහාර හිඟයකට මුහුණපා සිටි දහස් සංඛ්‍යාත පලස්තීනුවන් සිය දෛනික ජීවිතයට හුරුවෙමින් සිටින අතර, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඊයේ ඛාන් යූනිස් නගරයේ වෙළෙඳපොළට පාරිභෝගිකයන් විශාල පිරිසක් එක්රොක් වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සටන් විරාම ගිවිසුමට අනුව ගාසා තීරයේ රැඳී සිටි ඊශ්‍රායල හමුදාව ඉවත්වීමෙන් පසු නාගරික හා ග්‍රාමිය ප්‍රදේශවල වීදි ජනාකීර්ණ වූ බව ද වාර්තා වේ. පෙරේදා සිට ගාසා තීරයට අඛණ්ඩව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සිදුවන අතර, ගාසා තීරයේ සියලු දේශසීමා ඔස්සේ ආහාර සහ සෙසු ආධාර රැගත් ට්‍රක් රථ පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ. යුද ගැටුම් හේතුවෙන් පසුගිය කාලයේ නගරයෙන් පලා ගිය පලස්තීනුවන්ට නැවත සිය නිවාස කරා පැමිණීම පහසු කරමින් ඛාන් යුනිස් නගර සභාව සහ එක්සත් ජාතීන්ගේ සහනාධාර වැඩසටහන ඒකාබද්ධව නගරයේ සුන්බුන් ඉවත් කිරීම ද ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
- October 16, 2025
0
13
Less than a minute
You can share this post!
administrator
