චීන-ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදයේ සිව්වන වටය පැවැත්වේ

චීන-ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදයේ සිව්වන වටය පැවැත්වේ

චීනය සහ ස්විට්සර්ලන්තය, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කිරීම සහ උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙනයාම පිළිබඳ පුළුල් පරාසයක එකඟතාවන් ප්‍රකාශ කරමින් ඊයේ(10) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය.

දකුණු ස්විට්සර්ලන්තයේ Bellinzona නගරයේ පැවති චීන-ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදයේ සිව්වන වටයේ දී මෙම ලේඛනය නිකුත් කෙරිණ. ස්විට්සර්ලන්ත ෆෙඩරල් මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය Ignazio Cassis මහතාගේ ආරාධනයට අනුව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා එම සංවාදයට එක් විය. 

තම රටවල නායකයින් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවය ගොඩනැංවීමට, ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රතිඵල ඉදිරියට ගෙනයාමට සහ නව උපායමාර්ගික හවුල්කාරිත්වයේ වර්ධනයන් සඳහා තවදුරටත් ශක්තියක් ලබා දීමට කැපවී සිටින බව එම ලේඛනයේ සඳහන් වේ.

අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කිරීම සහ දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා සංස්කෘතිය, අධ්‍යාපනය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු විවිධ අංශවල සහයෝගීතාවය ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය කැමැත්තතෙන් සිටින බව ද එහි සඳහන්ය. 

ගෝලීය පාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම අරමුණු කරගත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් යෝජනා කරන ලද ගෝලීය පාලන මුලපිරුම ස්විට්සර්ලන්තය සාදරයෙන් පිළිගෙන තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *