සමාන අදහස් හා අපේක්ෂාවන් දරන හවුල්කරුවන් බ්‍රික්ස් සහයෝගතාවට එක්වීම පිළිගැනේ–චීනය

සමාන අදහස් හා අපේක්ෂාවන් දරන හවුල්කරුවන් බ්‍රික්ස් සහයෝගතාවට එක්වීම පිළිගැනේ–චීනය

සමාන අදහස් හා අපේක්ෂාවන් දරන හවුල්කරුවන් බ්‍රික්ස් සහයෝගතාවට එක්වීම පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ ප්‍රකාශ කළේ (26) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී බ්‍රික්ස්හි පලස්තීනයේ සාමාජිකත්වය පිළිබඳව වාර්තාකරුවෙකු සිදු කළ විමසීමකට ප්‍රතිචාර වශයෙනි.

බ්‍රික්ස් යනු සංවර්ධනය වෙමින් පවතින සහ නැගී එන වෙළඳපොළ රටවල් අතර සහයෝගීතාව සඳහා වැදගත් වේදිකාවකි. එය බහු ධ්‍රැවීය ලෝකයක සංවර්ධනයට සහ ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රීයකරණයට ශක්තිමත් ගාමක බලයක් ලබා දී ඇති අතර ගෝලීය දකුණේ රටවල පුළුල් පිළිගැනීමට ද ලක් වේ. වඩාත් සාධාරණ හා හේතුසහගත ජාත්‍යන්තර පිළිවෙලක් සංවර්ධනය කිරීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමේදී, සමාන අදහස් හා අපේක්ෂාවන් දරන හවුල්කරුවන් බ්‍රික්ස් සහයෝගීතාවයට සහභාගී වීම පිළිගන්නා බව ද Guo Jiakun මහතා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *