චීනය සහ රුසියාව බලශක්ති සහයෝගීතාව ඉහළ නැංවීමට ඒකාබද්ධ උත්සාහයන් දරන බවට ප්‍රතිඥා දෙයි

චීනය සහ රුසියාව බලශක්ති සහයෝගීතාව ඉහළ නැංවීමට ඒකාබද්ධ උත්සාහයන් දරන බවට ප්‍රතිඥා දෙයි

චීනය රුසියාව සමග එක්ව බලශක්ති සහයෝගීතාව ඉහළ නැංවීමට කැමැත්තෙන් සිටින අතර දෙරටේ සහ‍ ලෝකයේ බලශක්ති ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය ඉහළ නැංවීම සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන බව චීන උප අගමැති Ding Xuexiang මහතා පැවසීය.

චීන-රුසියා බලශක්ති සහයෝගීතා කමිටුවේ 22 වන රැස්වීමේ සම සභාපතිත්වය දරන Ding Xuexiang මහතා රුසියානු නියෝජ්‍ය අගමැති Alexander Novak මහතා ඊයේ(26) බෙයිජිං හි දී හමු වූ අවස්ථාවේදී මේ බව පැවසීය.

බලශක්ති සහයෝගීතාවය චීනය සහ රුසියාව අතර සමාන, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහ ප්‍රායෝගික සබඳතාවේ ආකෘතියකි. මෑත වසරවල දෙරට රාජ්‍ය නායකයින් බහුවිධ සංවාද සහ රැස්වීම් පවත්වා, ගැඹුරු උපායමාර්ගික සන්නිවේදනයක නිරත විය. චීනය සහ රුසියාව අතර පුළුල් බලශක්ති හවුල්කාරිත්වයේ ඒකාබද්ධතාවයට සහ සබඳතාවයට අඛණ්ඩව එමඟින් මග පෙන්‍වූ අතර දෙරටේ ජනතාවට සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දුන් බව චීන උප අගමැතිවරයා ප්‍රකාශ කළේය.

රුසියානු චීන බලශක්ති සහයෝගීතා කමිටුවේ මාර්ගෝපදේශ සහ සම්බන්ධීකරණ භූමිකාව සම්පූර්ණයෙන් උපයෝගී කර ගනිමින් දෙරට බලශක්ති සහයෝගීතාව පුළුල් කිරීමට, ස්ථාපිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමට, දෙරට ඉහළ මට්ටමේ සංවර්ධනයට, රුසියාව චීනය සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව Alexander Novak මහතා එහි දී සඳහන් කළේය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *