චීන වෙරළාරක්ෂක බලකාය 25 වැනි උතුරු පැසිෆික් වෙරළාරක්ෂක සංසදය  පවත්වයි

චීන වෙරළාරක්ෂක බලකාය 25 වැනි උතුරු පැසිෆික් වෙරළාරක්ෂක සංසදය  පවත්වයි

සැප්තැම්බර් 22 සිට 26 දක්වා, චීන වෙරළාරක්ෂක බලකාය ෂැංහයි හි 25 වැනි උතුරු පැසිෆික් වෙරළාරක්ෂක සංසදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සමුළුව සාර්ථකව පැවැත්වීය. කැනඩාව, ජපානය, දකුණු කොරියාව, රුසියාව සහ ඇමරිකාව යන රටවල වෙරළාරක්ෂක නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල මෙන්, චීන වෙරළාරක්ෂක බලකායේ සහ චීන ප්‍රවාහන අමාත්‍යාංශයේ සමුද්‍රීය ආරක්ෂක පරිපාලනයේ නියෝජිතයෝ ද මෙම සමුළුවට එක් වූහ.

නීතිවිරෝධී සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි අන්තර්ජාතික සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සහ  ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව හා ඒකාබද්ධ මෙහෙයුම් ශක්තිමත් කිරීම පිළිබඳව, විවිධ රටවල් මෙම රැස්වීමේදී ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

එමෙන්ම, “25 වැනි උතුරු පැසිෆික් වෙරළාරක්ෂක සංසදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සමුළුවේ සභාපති ප්‍රකාශය” රැස්වීමේදී නිකුත් කෙරිණ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *