‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැගීම ඇතුළු දෙරටේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීම සඳහා බෙලරුසියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්‍තෙන් සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Li Xi මහතා පවසයි .
ඉකුත් 20වැනිදා සිට ඊයේ(23) දක්වා කාලය තුළ සිය බෙලරුසියානු සංචාරය අතරතුර එරට ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු සහ මධ්‍යම විනය පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයා ද වන Li Xi මහතා එහිදී කියා සිටියේ, චීන-බෙලරුසියානු රාජ්‍ය නායකයන් දෙරටේ සබඳතා වැඩිදුරටත් සංවර්ධනය පිළිබඳව ඉදිරිපත් කළ උපායමාර්ගික සැලසුම් මනාව ක්‍රියාත්මක කිරීම සඳහා බෙලරුසියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බවයි.
බෙලරුසියාව සමඟ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යෝජනා කර ඇති ගෝලීය පාලන මුලපිරුම ක්‍රියාත්මක කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය යනාදී රාමු යටතේ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම චීනයේ අපේක්ෂාව බව ද හෙතෙම අවධාරණය කළේය.
එරට සංචාරයට සමගාමීව Li Xi මහතා ‘ජයග්‍රාහී ස්මාරකය’ට පුෂ්පෝපහාර දක්වමින් චීන-බෙලරුසියානු කාර්මික උද්‍යාන කලාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ සමඟම ඔහු බෙලරුසියානු රාජ්‍ය විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ ගුරුවරුන් හා සිසු නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වා අදහස් හුවමාරු කරගත්තේය. ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙල අඛණ්ඩව ගොඩනැගීම පිළිබඳ සම්මන්ත්‍රණයකට ද හෙතෙම සහභාගී විය.
