2025 බෙයිජිං සංස්කෘතික සංසදය අද(23) ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු ප්‍රධානි Li Shulei මහතා එම අවස්ථාවට එක්වෙමින් දේශනයක් පැවැත්වීය.
සංස්කෘතිය හා තාක්ෂණය ඒකාබද්ධ කිරීම සඳහා ඵලදායී යාන්ත්‍රණ ගවේෂණය කිරීමේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ යෝජනාව ඉතා වැදගත් වන බවට එම සංසදයට එක් වූ දෙස් විදෙස් නියෝජිතයන් අදහස් දක්වා ඇත.
සංස්කෘති හා තාක්ෂණ ඒකාබද්ධ සංවර්ධනයේ නිවැරදි දිශාව අනුගමනය කරමින්, සංස්කෘතික උරුමය සහ නවෝත්පාදනය මෙන්ම ජනතාවගේ අධ්‍යාත්මික හා සංස්කෘතික ජීවිතයට තාක්ෂණය දායක කර ගත යුතු බව ඊට එක් වූ ආරාධිතයින්ගේ විශ්වාසය විය. සංස්කෘතික හුවමාරුව සඳහා වැඩි මාර්ගගත වේදිකා ගොඩනැගීමෙන්, චීනයේ සහ විදේශයන්හි පුද්ගලයින්ට එකිනෙකාගේ විශිෂ්ට සංස්කෘතීන් වඩාත් යහපත් ලෙස අවබෝධ කරගැනීමට සහ අගය කිරීමට හැකි වනු ඇතැයි ඔවුන් අපේක්ෂා පළ කර ඇත.
මෙවර සංසදය “සංස්කෘති හා තාක්ෂණ ඒකාබද්ධ සංවර්ධනය” යන තේමාව යටතේ පැවැත්වේ. රටවල් සහ කලාප 58 ක ආරාධිතයින් 800 කට අධික පිරිසක් මෙම සංසදයට සහභාගී වූ බව වාර්තා වේ.
