නව යුගයේ ෂින්ජ්‍යං පරිපාලන මාර්ගෝපදේශයෙන් ලද ජයග්‍රහණ පිළිබඳ ධවල පත්‍රිකාවක්

නව යුගයේ ෂින්ජ්‍යං පරිපාලන මාර්ගෝපදේශයෙන් ලද ජයග්‍රහණ පිළිබඳ ධවල පත්‍රිකාවක්

“නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්ත පරිපාලන මාර්ගෝපදේශ: සාර්ථක භාවිතය හා ජයග්‍රහණ ” නමැති ධවල පත්‍රිකාව නිකුත් කෙරේ

එය අද(19) චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය විසින් නිකුත් කරන ලදි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ එතිහාසික ක්‍රියාමර්ග මෙන්ම නව යුගයට ප්‍රවේශ වී ෂින්ජ්‍යං පාලනයේ නව අවදිය ආරම්භ කර එහි සාමාජීය ස්ථාවරත්වය හා තිරසර සාමයේ පදනම වඩාත් වැඩියෙන් ශක්තිමක් කිරීම යන කරුණු ඇතුළත් ප්‍රධාන කොටස් 10කින් එම ධවල පත්‍රිකාව සමන්විතය. 

නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්ත පරිපාලන මාර්ගෝපදේශ යටතේ, දේශසීමා ප්‍රදේශවල පරිපාලන පද්ධතිය හා පරිපාලන හැකියාව පිළිබඳ නවීකරණයේ ඓතිහාසික සංවර්ධනයක් ලබා ගෙන ඇත. අදාළ උපායමාර්ගය හරහා දේශසීමා ප්‍රදේශවල සංවර්ධනය හා ආරක්ෂාව තුළින් චීන මාදිලියේ නවීකරණය ෂින්ජ්‍යංහි ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කර එහි සමාජීය ස්ථාවරත්වය හා තිරසර සාමය වෙනුවෙන් ප්‍රධාන ඉලක්කය සාක්ෂාත් කිරීම සඳහා නිවැරිදි මාර්ගයක් සොයා ගෙන ඇතැයි ද එම ධවල පත්‍රිකාවේ සඳහන් වෙයි.  

චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය මෙම වසරට යෙදී ඇත. නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්ත පරිපාලන මාර්ගෝපදේශයේ මඟ පෙන්වීම යටතේ, ෂින්ජ්‍ය හි ඉදිරි සංවර්ධන මාර්ගය පූළුල් වෙමින් වඩා වැඩි දීප්තිමත් අනාගතයක් උදා වීම නිසැක යැයිද එම ධවල පත්‍රිකාව අවධාරණය කරයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *