‘චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතියේ’ විධිවිධාන අනුව ජපාන සෙනෙට් සභික Shi Ping ට එරෙහිව ප්‍රති ක්‍රියාමාර්ග ගැනීමට චීනය තීරණය කර ඇතැයි චින විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මේ අනුව Shi Ping ට හිමි චීනයේ ඇති වත්කම් සීමා කෙරෙනු ඇත. ඔහු සහ චීනයේ සංවිධාන හා පුද්ගලයන් අතර ගනුදෙනු මෙන්ම සහයෝගිතා පැවැත්වීම ද තහනම් කර තිබේ. එමෙන්ම ඔහුට සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ට හොංකොං සහ මැකව් යන කලාප දෙක ඇතුළුව චීන වීසා නිකුත් නොකෙරේ.
මෙම තීරණය අද (8 )සිට බලාත්මක වනු ඇත.
Shi Ping දිගු කලක් පුරා චීනයේ තායිවානය, Diaoyu දූපත්, ඉතිහාසය, ෂින්ජියැං, Xizang සහ හොංකොං වැනි කාරණා සම්බන්ධයෙන් ව්‍යාජ මත පතුරුවා හැර තිබේ. ඔහු යාසුකුනි ස්මාරකයට විවෘතව ගෞරව දැක්වීය. ඔහු චීන අභ්‍යන්තර කටයුතුවලට බරපතල ලෙස මැදිහත් වෙමින් චීනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවයට දැඩිව හානි සිදු කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය පැවසීය.
