චීනය නිරතුරු එක්සත් ජාතීන්ගේ විශ්වාසදායක හවුල්කරුවෙකු වන බව චීන ජනපති පවසයි

චීනය නිරතුරු එක්සත් ජාතීන්ගේ විශ්වාසදායක හවුල්කරුවෙකු වන බව චීන ජනපති පවසයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් António Guterres මහතා හමු වෙයි. ඒ අද(30) සවස චීනයේ Tianjin නගරයේ දීය. 2025 වසරේ ෂංහයි සහයෝගිතා සංවිධානයේ(SCO) Tianjin සමුළුවට එක්වීම සඳහා António Guterres මහතා පැමිණ සිටී.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව ජාත්‍යන්තර ප්‍රජාව විසින් ගනු ලැබූ වැදගත්ම තීරණය වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීම බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය. මෙම වසර ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු ලෙස, චීනය සැමවිටම ඉතිහාසයේ නිවැරදි දිශානතියේ රැඳී සිටී. චීනය නිරතුරු එක්සත් ජාතීන්ගේ විශ්වාසදායක හවුල්කරුවෙකු වන බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට චීනය දිගු කාලීනව ලබා දුන් ශක්තිමත් සහයෝගයට Guterres මහතා එහි දී ස්තූතිය පළ කළේ ය. ගෝලීය පාලන පද්ධති ප්‍රතිසංස්කරණය, කෘත්‍රිම බුද්ධිය, දේශගුණික විපර්යාසයෙන් ඇති වන අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව දෙපාර්ශ්වය ශක්තිමත් කළ යුතු බව, ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *