ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද ඉතිහාසය, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, එක්සත් පෙරමුණ ස්ථාපිත කිරීම, සංවර්ධනය කිරීම මෙන්ම ජයග්‍රහණ ලැබීමේ ඉතිහාසයකි.
ඊයේ(29) පස්වරුවේ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සර අනුස්මරණ උත්සවයට අදාළ මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කෙරිණ. චීන කොමින්තාන් පක්ෂයේ විපල්වීය කමිටුවේ මධ්‍යම කාරක සභාවේ උප සභාපති Chen Xingying මහත්මිය මේ බව සඳහන් කළාය. ඇය ඇතුළු චීනයේ ඒ ඒ ප්රජාතන්ත්රවාදී පක්ෂවල නිලධාරීන් ද ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද ඉතිහාසයේ අත්දැකීම් පිළිබඳව එහිදී පැහැදිලි කර ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සහ සහය යටතේ, චීන කොමියුනිස්ට් පක්ෂය හා ඒ ඒ ප්රජාතන්ත්රවාදී පක්ෂ, නිර්පාක්ෂිකයන් එක්සත් කර සහයෝගිතා පවත්වා ජපන් ආක්‍රමණිකයන්ට එරෙහිව එක්ව සටන් කළහ. එයින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල කර්යභාරයන් හා ජාතික පුනරුදය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂය දැරූ ස්ථිර අභිලාෂය පිළිබිඹු වූ බවද ඇය පැවසුවාය.
ඊට අමතරව, චීන ගොවි හා කම්කරු ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ උප සභාපති Wang Lu මහතා ප්‍රකාශ කළේ චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සහයෝගීතා පැවැත්වීමේ අරමුණ සිය පක්ෂයේ ඒ ඒ මට්ටම්වල ආයතන හා සියළු සාමාජිකයන් දැඩි ව සිහි තබාගෙන සිටින බවයි. චීන නව මාදිලියේ පක්ෂ පද්ධතිය අනුගමනය කර සංවර්ධනය කිරීම සඳහා දායක වෙමින් ශක්තිමත් රටක් ගොඩනගා ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීමට චීන ගොවි හා කම්කරු ප්රජාතන්ත්රවාදී පක්ෂය ශක්තිමත් විශ්වාසයකින් කටයුතු කරනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
