සුසංයෝගී හා සුන්දර සමාජවාදී, නවීන Xizang ස්වායත්තයක් ගොඩනැගීමට උත්සාහ දැරිය යතු බවට චීන ජනපති අවධාරණය කරයි

සුසංයෝගී හා සුන්දර සමාජවාදී, නවීන Xizang ස්වායත්තයක් ගොඩනැගීමට උත්සාහ දැරිය යතු බවට චීන ජනපති අවධාරණය කරයි

නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ Xizang ස්වායත්තය පාලනය කිරීම පිළිබඳ සැලැස්ම පුළුල් ලෙස ක්‍රියාත්මක කොට සුසංයෝගී හා සුන්දර සමාජවාදී නවීන Xizang ස්වායත්තයක් ගොඩනැගීමට උත්සාහ කළ යුතු බවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා (20) එහි පැමිණි ෂී ජින් පිං මහතා ස්වායත්තයේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ සහ එහි රජයේ රාජකාරී වාර්තාවලට සවන් දීමෙන් අනතුරුව මේ බව පැවසීය.

ස්වායත්තය ස්ථාවර වර්ධනයක් පවත්වා ගනිමින් නව සංවර්ධන සංකල්පය සම්පූර්ණයෙන්ම හා නිවැරදිව ක්‍රියාත්මක කොට උසස් තත්ත්වයේ සංවර්ධනය තරයේ ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේය. ස්ථාවරත්වය, සංවර්ධනය, පාරිසරික ආරක්ෂාව සහ රටේ දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයෙන්  ක්‍රියා කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

Xizang ස්වායත්තය පාලනය කිරීමේහි, එහි දේශපාලන හා සමාජ ස්ථාවරත්වය, විවිධ ජාතීන්ගේ එකමුතුකම සහ ආගමික සමගිය පවත්වා ගත යුතුය. ස්වායත්තයේ විශේෂ ලක්ෂණ ඇති අතර, එහි සැබෑ තත්වයන් මත පදනම්ව උසස් තත්ත්වයේ සංවර්ධනයක් ප්‍රවර්ධනය කළ යුතුය. එසේම සැම විටම චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සහතික කර ස්වායත්තයේ පක්ෂ සංවර්ධනය ශක්තිමත් කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *