ඊයේ(17) අවසන් වූ 2025 ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උළෙලේ දී පැවති රොබෝ පාපන්දු තරගයෙන් චීනය, ජර්මනිය අභිබවමින් ශූරතාව දිනා ගැනීමට සමත් වෙයි. චීනයේ Tsinghua Hephaestus රොබෝ කණ්ඩායම ජර්මනියේ HTWK රොබෝවරු සහ Nao Devils ඒකාබද්ධ කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය හිමි කර ගෙන ඇත. චීන කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයේ Mountain & Sea කණ්ඩායම ත්‍රෛපාර්ශ්වික පාපන්දු අවසන් තරගයේ දී ජර්මනියේ Sweaty පරාජය කළේය.
රොබෝ ක්‍රීඩා පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ අතර තරගකාරීත්වය, ප්‍රදර්ශනය සහ අවස්ථානුකූල ක්‍රියාකාරකම් වැනි කාණ්ඩ යටතේ ඉසව් 26ක් සඳහා රටවල් 16කින් කණ්ඩායම් 280ක් තරගයට සහභාගී වූහ. මෙම ලෝහ, චිප් සහ ඇල්ගොරිතම් ගැටුම මානවරූපී රොබෝවරුන් නියෝජනය කරමින් නැගී එන බුද්ධි ක්ෂේත්‍රය සඳහා පොදු ප්‍රදර්ශන මෙන්ම තාක්ෂණික හුවමාරු වේදිකාවක් ද සැපයීය.
