ඇමරිකාව ක්‍රියාවට නංවන ආනයනික තීරුබදු පිළිබඳ නිවේදනයක් චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිකුත් කරයි.
මෙම නිවේදනයට අනුව, 2025 වසරේ අගෝස්තු 12 වන දින පෙරවරු 12:01 සිට, ඇමරිකාව මත 24%ක අතිරේක තීරුබදු අනුපාතය දින 90 ක් සඳහා අත්හිටුවනු ලබන අතර, ඇමරිකාව මත 10%ක අතිරේක තීරුබදු අනුපාතය එලෙසම පවතිනු ඇත.
චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සාකච්ඡා අතරතුර ඇති කරගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සඳහා, චීන මහජන සමූහාණ්ඩුවේ තීරුබදු නීතිය, චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ වෙළඳ නීතිය ඇතුළු නීති, රෙගුලාසි සහ ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්මවලට අනුකූලව, මෙම නිවේදනය චීන රාජ්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ප්‍රකාශයට පත් කර ඇත.
