චීනයේ Xizang ස්වායත්තයට දැවැන්ත සංවර්ධන ජයග්‍රහණයක්

චීනයේ Xizang ස්වායත්තයට දැවැන්ත සංවර්ධන ජයග්‍රහණයක්

චීනයේ Xizang ස්වායත්තය පූර්ණ හා සංධිස්ථානාත්මක සංවර්ධන ජයග්‍රහණයක් පෙන්නුම් කරයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය (05) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් Xizang ස්වායත්තය ස්ථාපිත කර ගත වූ වසර 60 තුළ ලබා ඇති ජයග්‍රහණ පිළිබඳ විග්‍රහ කළේය.

ගෙවුණු වසර 60 තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සමාජවාදී ක්‍රම‍ය හා ජනතා ප්‍රජාතන්ත්‍රවාදය Xizang ස්වායත්තයේ ස්ථාපිත කර ඇති බව එහි සඳහන් වෙයි. නව ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාවට නැංවීමෙන් සුබවාදී මෙන්ම සැපවත් දිවි පෙවෙතක් ගත කළ හැකි සමාජයක් Xizang හි ගොඩනැංවීමට සමත් විය. 2012 වසරේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු ෂී ජින්පිං මහතාගේ මූලිකත්වයෙන් යුත් කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මඟපෙන්වීම් යටතේ එහි ආර්ථික හා සමාජ සංවර්ධනය පූර්ණ හා ඓතිහාසික ජයග්‍රහණ ලැබීමට සමත් විය.

මේ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ Xizang ස්වායත්තයේ කමිටු ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ පසුගිය වසර 60 තුළ, Xizang හි ආර්ථික වර්ධන මට්ටම අඛණ්ඩව ඉහළ නංවා ඇති බවයි. 2024 වසරේ එහි නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් බිලියන 276.5ක් වූ අතර, එය 1965 වසරට සාපේක්ෂව 155 ගුණයක වර්ධනය වීමකි. එම කාලය තුළ, වසරින් වසරට 8.9%ක වර්ධනයක් ද පෙන්නුම් කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *