චීන-යුරෝපා දුම්රිය සේවාවට අයත් මධ්‍ය දුම්රිය කොරිඩෝවෙන් මේ දක්වා ධාවනය කර ඇති දුම්රිය සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇතැයි වාර්තා වෙයි.
කන්ටේනර් 55කින් සමන්විත දුම්රියක් අද(03) චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ Erenhot දුම්රිය ස්ථානයේ සිට යුරෝපය බලා පිටත් ව ගියේය. මධ්‍ය දුම්රිය කොරිඩෝවෙන් යුරෝපය බලා ගමන් ඇරඹි ප්‍රථම දුම්රිය 2013 වසරේ දී ධාවනය කෙරිණ. අද(03) පිටත් ව ගිය දුම්රිය, එම ධාවනයේ 20,000 සම්පූර්ණ කළේය.
Erenhot දුම්රිය ස්ථානය චීන-යුරෝපා දුම්රිය සේවාවේ මධ්‍ය දුම්රිය කොරිඩෝවට අයත් ප්‍රධාන ස්ථානයයි. මෑත වසරවල දී, චීන ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ සහයෝගිතා තවදුරටත් පුළුල් වීමත් සමග, එම කොරිඩෝව හරහා යුරෝපය බලා ධාවනය කෙරෙන දුම්රිය වාර සංඛ්‍යාව සැලකිය යුතු අයුරින් වර්ධනය වී ඇත. මුල සිට ප්‍රවාහනය කරන ලද ලෝහ, ඇඟලුම්, පාවහන් ඇතුළු නිෂ්පාදනවල සිට මේ වන විට නව බලශක්ති මෝටර් රථ, විද්‍යුත් නිෂ්පාදන දක්වා පුළුල් වී තිබේ.
චීන-යුරෝපා දුම්රිය සේවාවේ මධ්‍ය දුම්රිය කොරිඩෝවට අනුබද්ධ ව දුම්රිය මාර්ග 73ක් ක්‍රියාත්මක කෙරේ. ජර්මනිය, පෝලන්තය ඇතුළු 10කට වැඩි රටවල දුම්රිය ස්ථාන 70ක් පමණ සම්බන්ධ වීම එහි විශේෂත්වයකි.
