මෙම වසර‘පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු යනු මිල කළ නොහැකි සම්පත් වේ’යන සංකල්පය ඉදිරිපත් කිරීමේ 20වන සංවත්සරයයි.
එම සංකල්පයේ ගෝලීය වැදගත්කම පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණය පසුගිය 31වැනිදා බෙයිජිං හිදී පැවැත්විණ. මෙම සංකල්පය ගෝලීය ජෛව පාරිසරික ගැටලු විසඳීම සහ ගෝලීය තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දැනුම සහ විසඳුම් ලබා දී තිබෙන බව එම සම්මන්ත්‍රණයට සහභාගි වූ රටවල් රැසක නියෝජිතයින් පෙන්වා දී තිබේ.
සංසරණ ආර්ථිකය,‘පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු යනු මිල කළ නොහැකි සම්පත් වේ’යන සංකල්පයට බෙහෙවින් අනුකූල වන අතර එය ආර්ථික පද්ධති පරිවර්තනය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන මාවතක් බව බ්‍රිතාන්‍යයේ Chatham House බුද්ධි මණ්ඩලයෙහි ජ්‍යෙෂ්ඨ පර්යේෂක Patrick Schröder මහතා එහිදී පැවසීය.
‘එක් තීරයක් එක් මාවතක්’ හි හරිත සංකල්පය සංසරණ ආර්ථිකයක් සංවර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද ඔහු සඳහන් කළේය.
දේශගුණික අර්බුදය සහ ජෛව විවිධත්වය අහිමි වීම යන පීඩනය හමුවේ, ‘පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු යනු මිල කළ නොහැකි සම්පත් වේ’යන සංකල්පය ගෝලීය පාරිසරික පාලනයේ විශ්වීය පිළිගැනීම බවට පත්විය යුතු බව චීනයේ හිටපු බෙල්ජියම් තානාපති Patrich Nijs මහතා එහිදී පැවසීය.
