තීරුබදු පැනවීම පිළිබඳ නවතම පියවර සම්බන්ධයෙන් ඇමරිකාව විවිධ රටවල චෝදනාවන්ට ලක් වෙයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් 31 වැනි දා විධායක නියෝගයකට අත්සන් තැබීමෙන් සිය රට හවුල්කරුවන් 69ක් ඇමරිකාවට අපනයන කරන නිෂ්පාදිතවලට එරෙහිව පැනවෙන තීරුබදු අනුපාතය හෙළිදරව් කළේය. එවැනි නව තීරුබදු අනුපාතය එළඹෙන 07 වැනි දා සිට බලාත්මක වෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජර්මන් චාන්සලර් Friedrich Merz මහතා ඊයේ (01) පැවසුවේ යුරෝපා සංගමය ඇමරිකාව සමග එක්ව වානේ තීරුබදු පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවයි. වත්මන් පවතින තීරුබදු ගිවිසුම සමස්ත යුරෝපීය කාර්මික ක්ෂේත්‍රයම ‘අපහසුතාවට’ පත් කරවන බව ද හෙතෙම කියා සිටියේය.
ඇමරිකාව ප්‍රකාශයට පත් කළ, ස්විට්සර්ලන්තයට එරෙහි 39%ක තීරුබදු අනුපාතයක් පැනවීම එරට ඔරලෝසු ඇතුළු ප්‍රධාන නිෂ්පාදන කර්මාන්තයන්ට පමණක් නොව, සමස්ත ගෝලීය ආර්ථිකයටම හානි කරන බව ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් මණ්ඩලයේ සභාපතිනි Karin Keller-Sutter මහත්මිය අවධාරණය කළාය.
