චීනය සෑමවිටම දෙස් විදෙස් සංචාරකයන් සඳහා සුවපහසු ආරක්ෂිත සංචාරක පරිසරයක් ලබා දෙනු ඇත

චීනය සෑමවිටම දෙස් විදෙස් සංචාරකයන් සඳහා සුවපහසු ආරක්ෂිත සංචාරක පරිසරයක් ලබා දෙනු ඇත

වත්මන් චිකුන්ගුන්යා වසංගත අවදානම වැළැක්විය හැකි මෙන්ම පාලනය කළ හැකි බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.දැනට චීනයේ ඇතැම් නගරවල චිකුන්ගුන්යා වසංගතය පැතිරීයාමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු පැවසුවේ වෛරසයට ගොඳුරුවූවන්ට ප්‍රතිකාර කළ හැකි බවයි.දෙස් විදෙස් සංචාරකයන් සඳහා සුවපහසු ආරක්ෂිත සංචාරක පරිසරයක් චීනය අඛණ්ඩව ලබා දෙනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

ලෝකයේ මේවන විට රටවල් හා ප්‍රදේශ 119කදී එම වෛරසය පැතිරීයාමේ තත්ත්වයන් වාර්තා විය.මේ සම්බන්ධයෙන් චීනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය සංවාද පවත්වා තිබෙන බවද Guo Jiakun මහතා එහිදී පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *