වඩාත් වැඩි ද්විත්ව ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඇමරිකාව සමඟ එක්ව උත්සාහ දැරීම චීනයේ අපේක්ෂාවයි

වඩාත් වැඩි ද්විත්ව ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඇමරිකාව සමඟ එක්ව උත්සාහ දැරීම චීනයේ අපේක්ෂාවයි

වඩාත් වැඩි ද්විත්ව ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඇමරිකාව සමඟ එක්ව උත්සාහ දැරීම චීනයේ අපේක්ෂාව බව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක He Yadong මහතා පවසයි. (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී  චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවල නව වටය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 

ඉකුත් 28 වනදා සිට 29 වනදා දක්වා ස්වීඩනයේ පැවති එම සාකච්ඡාවේ දී එළඹුණු එකඟතාවන්ට අනුව, දැනට තාවකාලිකව අත්හිටුවා තිබෙන ඇමරිකාවේ 24%ක අන්‍යෝන්‍ය තීරුබදු මෙන්ම චීනයේ ප්‍රති පියවර තවත් දින 90ක් දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර ඇත.

එමෙන්ම චීන-ඇමරිකා ආර්ථික වෙළඳ සබඳතාව වැඩි දුරටත් ස්ථාවර කරන අතර ලෝක ආර්ථික සංවර්ධනයට හා ස්ථාවරත්වයට වඩාත් වැඩි නිශ්චිතභාවයක් ලබා දෙනු ඇත.දෙරටේ නායකයන්ගේ සංවාදයේ ලැබූ වැදගත් එකඟතාවන්ට අනුව, චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණයේ කාර්යභාරයන් සංවාද හා සාකච්ඡා මාර්ගයෙන් ගැඹුරින් පවත්වා, වඩාත් වැඩි ද්විත්ව ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඇමරිකාව සමඟ ඒකාබද්ධව උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටින බවද  He Yadong මහතා පැවසීය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *