12 වන ලෝක ක්‍රීඩා උළෙලට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 321දෙනෙක්

12 වන ලෝක ක්‍රීඩා උළෙලට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 321දෙනෙක්

ලබන මාසයේ චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේ පැවැත්වීමට නියමිත 12 වන ලෝක ක්‍රීඩා උළෙල සඳහා චීන නියෝජිත කණ්ඩායම ස්ථාපිත කෙරේ. නියෝජිත කණ්ඩායම අද (29) බෙයිජිං නුවර දී පිහිටුවනු ලැබීය. 489දෙනෙකුකින් සැදුම්ලත් එම කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 321දෙනෙකු ඇතුළත් ය. තරග ඛාණ්ඩ 28කට අයත් තරග ඉසව් 152ක් සඳහා ඔවුහු තරග වදිති. මෙවර චීන නියෝජිත කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව හා එක්වන තරග ඉසව් සංඛ්‍යාව නව වාර්තාවකි. එමෙන් ම, ක්‍රීඩා උළෙල සඳහා චීනය ආබාධිත ක්‍රීඩකයන් සහභාගි කරවීමේ ප්‍රථම අවස්ථාව ද මෙයයි.

ලෝක ක්‍රීඩා උළෙල, ඔලිම්පික් තරග ඉසව් නොවන ඒ ඒ ඉසව් නියෝජනය කරන ඉහළතම මට්ටමේ ජාත්‍යන්තර විස්තීර්ණ ක්‍රීඩා උළෙලයි. එළඹෙන අගෝස්තු 7 වැනි දා සිට 17 වැනි දා දක්වා Chengdu නගරයේ දී ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත ව තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *