චීන විදේශ අමාත්‍යාංශය සහ ‘ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම’ (ESCAP) ‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සහ තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම’ අලුත් කරයි. ඒ ඊයේ(26) චීනයේ ෂැංහයි නගරයේදීය.
එම අවබෝධතා ගිවිසුම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ වැදගත්කම නැවත තහවුරු කර ඇත. එම වැඩපිළිවෙළ උසස් තත්ත්වයෙන් ඒකාබද්ධ ව ගොඩනැඟීම ප්‍රවර්ධනය කරන බවත් තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම වේගවත් කරන බවත් එහි සඳහන් වේ. සාමකාමී සංවර්ධනය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගීතාව සහ පොදු සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට එක්ව කටයුතු කරන බව දෙපාර්ශ්වය එහිදී ප්‍රකාශ කර ඇත.
