සංවාද හා සන්නිවේදනය හරහා පොදු අදහස් වැඩිදියුණු කිරීමට ඇමරිකාව චීනය සමග එක්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ–චීනය

සංවාද හා සන්නිවේදනය හරහා පොදු අදහස් වැඩිදියුණු කිරීමට ඇමරිකාව චීනය සමග එක්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ–චීනය

චීන-ඇමරිකා ආර්ථික වෙළඳ සාකච්ඡා පිළිබඳ මෑතකදී ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අදහස් දක්වයි. ඒ අද(22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ය.

තීරුබදු ගැටළුව සම්බන්ධයෙන්, දෙරට නායකයින් අතර පැවති දුරකථන සංවාදයේදී ඇති කරගත් වැදගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමටත් චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය ඵලදායී ලෙස යොදා ගැනීමටත් ඇමරිකාව චීනය සමග එක්ව කටයුතු කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව Guo Jiakun මහතා එහිදී පැවසීය. දෙපාර්ශ්වය සංවාද හා සන්නිවේදනය හරහා පොදු අදහස් වැඩි දියුණු කර ගනිමින් වැරදි අවබෝධයන් අවම කරමින් සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් දෙර‍ට සබඳතාවල ස්ථාවර, යහපත් හා තිරසර බව ප්‍රවර්ධනය කිරීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *