යුරෝපා සංගමය රුසියාව වෙත පැනවූ සම්බාධක ලැයිස්තුවට චීන සමාගම් එක් කිරීම පිළිබඳව චීනය දැඩි විරුද්ධත්වය පළ කරයි

යුරෝපා සංගමය රුසියාව වෙත පැනවූ සම්බාධක ලැයිස්තුවට චීන සමාගම් එක් කිරීම පිළිබඳව චීනය දැඩි විරුද්ධත්වය පළ කරයි

රුසියාව වෙත 18 වැනි වටයේ සම්බාධක ලැයිස්තුවට චීන සමාගම් එක් කරන බව යුරෝපා සංගමය පසුගිය 18 වනදා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවේ කීපවරක් චීනයේ විරුද්ධවීම නොතකා යුරෝපා සංගමය තවත් චීන සමාගම් එම ලැයිස්තුවට එක් කිරීම හා අසත්‍ය චෝදනා මුවාවෙන් චීන මූල්‍ය ආයතන දෙකකට සම්බාධක පැනවීම යුරෝපා සංගමය සිදු කළ බවයි. ඊට චීනය දැඩි විරුද්ධත්වය පළ කර තිබේ.

චීන යුරෝපා නායකයන්ගේ එකඟතාවේ ජීවගුණයට පටහැනිව යුරෝපා සංගමයේ එම ක්‍රියාව චීන යුරෝපා ආර්ථික හා වෙළඳ සබඳතාවට සහ මූල්‍ය සහයෝගිතාවට බරපතල හානි සිදු කරන බව චීන වාණිජ ප්‍රකාශකයා පැවසීය. චීන සමාගම් හා මූල්‍ය ආයතන සම්බාධක ලැයිස්තුවට එක් කිරීම නතර කරන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටී. චීන සමාගම් හා මූල්‍ය ආයතන වල නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් චීනය අත්‍යවශ්‍ය පියවර ගනු ඇතැයි චීන වාණිජ ප්‍රකාශකයා අවධාරණය කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *