චීන විදේශ ඇමති වැන්ග් යී මහතා සහ පාකිස්ථාන නියෝජ්‍ය අගමැති, විදේශ ඇමති Mohammad Ishaq Dar මහතා අතර හමුවක් ඊයේ(16) චීනයේ ටියැංජින් හි දී පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වැන්ග් යී මහතා එහි දී පැවසුවේ දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර නිරන්තර සන්නිවේදනය, චීනය සහ පාකිස්ථානය අතර සර්වකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වයේ ඉහළ මට්ටම පිළිබිඹු කරන බවයි. එය අන්‍යෝන්‍ය විශ්වාසය සහ මිත්‍රත්වය ගැඹුරු කිරීමට මෙන්‍ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට හේතුවක් වනු ඇත.
දෙරටේ නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සඳහා චීනය පාකිස්ථානය සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත්, එකිනෙකාගේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් එකිනෙකාට ස්ථිර සහයෝගය දක්වන බවත් වැන්ග් යී මහතා පැවසීය.
ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා චීනය සැමවිටම පාකිස්ථානයට සහාය වන බවත් එරට වෙසෙන චීන ජනතාවගේ ආරක්ෂාව කෙරෙහි චීන රජය සැමවිටම සැලකිලිමත් වන බවත් වැන්ග් යී මහතා පැවසීය.
දෙපාර්ශ්වය අතර සර්වකාලීන සහයෝගතාවය තවදුරටත් ගැඹුරු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ Mohammad Ishaq Dar මහතා, පාකිස්ථානය සැම විටම එකම චීනය මූලධර්මයට අනුගත වන අතර චීනයේ මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටලුවලදී චීනයට පූර්ණ සහාය දක්වන බව සඳහන් කළේය.
