රතු මුහුදේ ජල මාර්ගවල ආරක්ෂාව සහතික කරන්නැයි චීනය යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් ඉල්ලයි

රතු මුහුදේ ජල මාර්ගවල ආරක්ෂාව සහතික කරන්නැයි චීනය යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් ඉල්ලයි

රතු මුහුදේ ජල මාර්ගවල ආරක්ෂාව සහතික කරන ලෙස චීනය යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටී.

රතු මුහුදේ ජල මාර්ගවල ආරක්ෂාව සහතික කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ උප නිත්‍ය නියෝජිත Geng Shuang මහතා යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටී. ඊයේ (09) පැවති යේමනය පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමේදී ඔහු මේ බව පැවසීය.

පසුගිය දා රතු මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් චීනය දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් Geng Shuang මහතා සඳහන් කළේ ය. ජාත්‍යන්තර නීතියට අනුකූලව රතු මුහුදේ ගමන් කරන විවිධ රටවල වෙළඳ නැව් හි නාවික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත්, වාණිජ නැව්වලට පහර දීම වහාම නවත්වන ලෙසත්, රතු මුහුදේ ජල මාර්ගවල ආරක්ෂාව සහතික කරන ලෙසත් චීනය යළි වරක් හවුති සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය. හවුති සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර නව වටයේ සටන් සහ ගැටුම්කාරී ප්‍රවණතාව පිළිබඳව චීනය කනස්සල්ලට පත්ව සිටී. එහි තත්ත්වය තවදුරටත් උත්සන්න කෙරෙන ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙස චීනය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *