චීන ජනපති Shanxi හිදී ජපාන ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

චීන ජනපති Shanxi හිදී ජපාන ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ජපාන ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධය මධ්‍යයේ, උතුරු චීනයේ සිදු කළ දීර්ඝ කාලයක් පුරා පැවති විශාලතම පරිමාණයකින් යුත් සටනක් වන ‘Baituan’ සටන(Hundred Group Battle) වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි. ඒ සඳහා හෙතෙම (07) සවස Shanxi පළාතේ Yangquan නගරයේ පිහිටි එම සටන් ස්මාරකය වෙතට පැමිණියේය.

එම සටන අනුස්මරණ ශාලාව නැරඹූ හෙතෙම, ජපාන ආක්‍රමණයට එරෙහි යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් හා වීරයන් සිහි කළේය. යුද සෙබළුන් හා මහජනතාව දැවැන්ත එකමුතුවෙන් ඉමහත් ධෛර්යෙන් යුතුව එඩිතරව සතුරන් පරාජයට පත් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය නායකත්වය ලබා දීමේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් ආක්‍රමණයට එරෙහි සටන් වැදීමේ ජීවගුණය උරුම කර දීමේ තත්ත්වයන් ද ෂී ජින්පිං මහතා එහිදී විමසා බැලීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *