ඇෆ්ගනිස්ථාන තත්ත්වය වෛෂයිකව සලකන ලෙස චීනයේ ඉල්ලීමක්

ඇෆ්ගනිස්ථාන තත්ත්වය වෛෂයිකව සලකන ලෙස චීනයේ ඉල්ලීමක්

ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පුළුල් හා වෛෂයිකව සලකන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. ඊයේ(07) පැවති ඇෆ්ගනිස්ථාන ගැටලුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමාලෝචනයේදී ඔහු මේ බව පැවසීය.

ඇෆ්ගනිස්ථානය දැනට සාම පුනරුත්ථාපනයේ වැදගත් අවධියක සිටින බවත්, එහි තත්ත්වය සාමාන්‍යයෙන් ස්ථාවරව පවතින බවත් Geng Shuang මහතා පැවසීය.

මේ අතර, ඇෆ්ගනිස්ථානය මානුෂීයවාදය, සංවර්ධනය, මානව හිමිකම්, ත්‍රස්තවාදයට එරෙහි වීම සහ කාන්තා අයිතිවාසිකම් යන ක්ෂේත්‍රවල තවමත් දැඩි අභියෝගවලට මුහුණ දෙමින් සිටී. ජාත්‍යන්තර ප්‍රජාව එරටේ තත්ත්වය පුළුල් හා වෛෂයික ලෙස සලකා, ජාත්‍යන්තර ප්‍රජාව සමග ඇෆ්ගනිස්ථානයට යළි කඩිනමින් සම්බන්ධවීම සහ ඇෆ්ගනිස්ථාන ජනතාවට කඩිනමින් ස්ථාවර ජීවිතයක් ලබා දීමට සහාය වීම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.

සාම්ප්‍රදායික පරිත්‍යාගශීලීන්, විශේෂයෙන්ම ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය සඳහා ඓතිහාසික වගකීම් දරන රටවල්, ඇෆ්ගනිස්ථාන ජනතාව දුෂ්කරතාවන් ගෙන් මඟහරවා ගැනීමට උපකාර කිරීම සඳහා මූල්‍යමය ආධාර වැඩි කළ යුතු බව Geng Shuang මහතා පෙන්වා දුන්නේ ය. ඇෆ්ගනිස්ථානයේ මූල්‍ය පද්ධතිය නැවත ගොඩනගමින් ආර්ථිකය සහ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමට යහපත් කොන්දේසි නිර්මාණය කිරීම සඳහා එරටට එරෙහි නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරමින් ඇෆ්ගනිස්ථානයේ විදේශීය වත්කම් කොන්දේසි විරහිතව ආපසු ලබා දෙන ලෙස චීනය අදාළ රටවලින් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *