වෙළඳ ප්‍රවර්ධනය සඳහා සහනාධාර ලබා දීමේදී චීනය ලබා දුන් දායකත්වය පිළිබඳව ලෝක වෙළඳ සංවිධානය ප්‍රශංසාව පළ කරයි
ලෝක වෙළඳ සංවිධානයේ 63 වැනි වෙළඳ ප්‍රවර්ධනය පිළිබඳ විශේෂ සමුළුව ඊයේ(17) ජිනීවා හිදී පැවැත්විණ.වෙළඳ ප්‍රවර්ධනය සඳහා සහනාධාර ලබා දීමේදී චීනය සිදු කළ කාර්යභාරය එම සමුළුවට එක්වූ විවිධ පාර්ශ්වයන්ගේ ඇගයීමට ලක්විය.දකුණු-දකුණු සහයෝගිතා රාමුව තුළ චීනය ලබා දෙන දායකත්වය ඔවුන් ඉහළින් අගය කර ඇත.
දකුණු -දකුණු සහයෝගිතාව මගින් චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් හා ප්‍රතිපත්ති සකස් කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමට සහය ලබා දීම පිළිබඳව අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් මොසැම්බික් රාජ්‍යය අදහස් දක්වමින් ප්‍රශංසාව පළ කළේය. බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට චීනය ලබා දුන් ස්ථිර ප්‍රතිඥාව පිළිබිඹු කළ එය සංවර්ධන ප්‍රතිඵල වඩා පුළුල් ලෙස ජනතාවට බෙදා දීම ප්‍රවර්ධනය කිරීම විශේෂත්වයකි.
ඊට අමතරව, රේගු නවීකරණය , වෙළඳ නීති සම්පාදනය මෙන්ම ඩිජිටල් සංවර්ධනය යන ක්ෂේත්රවලදී චීනය ලබා දුන් ප්‍රබල සහයෝගය සඳහා ඌන සංවර්ධිත රටවල් වෙනුවෙන් නේපාලය ස්තූතිය පළ කළේය. එමෙන්ම අප්‍රිකාවේ වෙළඳ යටිතල පහසුකම් ඉදිකිරීම, රෙගුලාසිවලට අනුගත වීම හා නිපුණතා ඉහළ නැංවීම යන ක්ෂේත්රවලදී චීනය ලබා දුන් වැදගත් කැපවීම පිළිබඳව කැමරූන් නියෝජිත කණ්ඩායම ද සිය ස්තූතිය පළ කර ඇත.